Still in development state !!!! @sanijasathnindu
රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ ජ්‍යේෂ්ඨ බටහිර තූර්යවාදන ඛණ්ඩයේ දරු දැරියන් විසින් පසුගිය දිනක ඉතා වටිනා සත්කාරයක් සිදුකලා...
ඒ.. තමන්ගේ අසල්වැසි පාදුක්ක කොට්ඨාශයේ, අංගමුව කනිෂ්ඨ විද්‍යාලයේ දරු දැරියන් වෙත අධ්‍යාපන කටයුතු සඳහා උපකාරී වන ඉගෙනුම් ද්‍රව්‍ය පරිත්‍යාගයක් සිදුකිරීමයි...
එම පරිත්‍යාග රැගෙන පාසල් බස් රථයෙන් අංගමුව කණිටු විදුහල වෙත ගොස් එම දරු දැරියන් වෙත රසවින්දනය සඳහා වැඩසටහනක් ද සිදුකර ඉන් අනතුරුව එම පරිත්‍යාගයන් සිදු කෙරුණා..
එමෙන්ම එම විද්‍යාලයෙන් ද තමන්ට පරිත්‍යාග රැගෙන පැමිණෙන රාජසිංහ දරු දැරියන් ප්‍රධාන පිරිස පිළිගැනීම සඳහා ඉතා මනරම් පිළිගැනීමේ තොරණක් ද සහිතව විවිධ නර්ථන අංගයන්ගේන් ද සමන්විත චාම් උත්සවයක් සංවිධානය කර තිබීම එම වැඩසටහනට තවත් වටිනාකමක් එක් කලා...
බටහිර තූර්යවාදන ඛණ්ඩ භාර ආචාරිණී, අරුණි රණවක මහත්මියගේ අදහසකට අනුව ක්‍රියාත්මක වුණු මෙම වැඩසටහන මඟින් අප විද්‍යාලයේ එම ඛණ්ඩයේ දරු දැරියන්ට තමන්ගේ පෞර්ෂ වර්ධනය සහ ආකල්ප සංවර්ධනය සඳහා මනා පිටුබලයක් ලැබෙන්නට ඇතැයි අප විශ්වාසය පළකරනු ලබනවා...
එම වැඩසටහන පිළිබඳ ව වූ යෝජනාව ඉදිරිපත් කල මොහොතේ සිට ඉතා යුහුසුළුව එම කටයුත්ත සංවිධානය කිරීම වෙනුවෙන් කැපවූ ජ්‍යේෂ්ඨ බටහිර තූර්යවාදන කණ්ඩයේ දරු දැරියන් සහ එම කටයුත්ත සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී තමන්ගේ නොමසුරු දායකත්වය දැක්වූ එම දරු දැරියන්ගේ දෙමාපියන් නොවන්නට මෙම වැඩසටහන යතාර්ථයක් නොවන බවත් ඔවුන්ට එහි ගෞරවය හිමිවිය යුතු බවත් අරුණි රණවක ගුරු මහත්මිය අප සමඟ පවසා සිටියා...
එමෙන්ම, එම වැඩසටහන සඳහා අවශ්‍ය අවසරය සහ අවශ්‍ය උපදෙස් ලබා දුන් හංවැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමන්ට ද, එම කටයුත්ත සම්බන්ධීකරණය සඳහා දායක වුණු පාදුක්ක කොට්ඨාශ අධ්‍යාපන කාර්යාලයේ නදීශා වීරක්කොඩි මහත්මියට සහ පාදුක්ක වටරැක කනිෂ්ඨ විද්‍යාලයේ සේවය කරන ශිරෝමණී කොස්වත්ත මහත්මියට ද, එම වැඩසටහන වෙනුවෙන් ඉතා වටිනා පිළිගැනීමේ වැඩසටහනක් සංවිධානය කිරීමට කටයුතු කරන ලද අංගමුව කණිටු විදුහලේ විදුහල්පතිතුමන් ප්‍රධාන එම ආචාර්ය මණ්ඩලයට සහ එම දරු දැරියන්ටද, එම වැඩසටහන මනාව ඡායාරූපකරණය සඳහා දායක වුණු රාජසිංහ මධ්‍ය විද්‍යාලයීය ඡායාරූපකරණ සංගමයේ දරු දැරියන්ට ද, නන් අයුරින් සහය වූ සැමට ද අරුණි රණවක ගුරු මහත්මිය තමාගේ ස්තුතිය පළකර සිටිනවා...
රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ කෘෂි විද්‍යාව විෂය ආචාරිනී, නලිනි විජේසුන්දර මහත්මියගේ Facebook පිටුවෙන් උපුටා ගන්නා ලද්දකි...
අද දින හංවැල්ල, රාජසිංහ ජාතික පාසලේ , උසස් පෙළ කෘෂි විද්‍යාව හදාරන 12 ශ්‍රේණිය සිසුන් විසින්, පාසලේ ගොවි බිමට අඩුවක්ව පැවති, වී වගාව සඳහා යෝග්‍ය කුඹුරක් සකස් කර, ගොයම් පැළ සිටුවීම සිදු කරන ලදී.
මෙහිදී 12 ශ්‍රේණියේ කෘෂිවිද්‍යාව විෂයට අදාළව, පාඩම් කීපයක්ම ආවරණය කිරීමට මෙම ක්‍රියාකාරකම යොදාගත හැකි විය. තවාන් පාලනය පාඩම සඳහා සකස් කරන ලද,තවාන් වර්ග අතුරෙන්, ඩැපොග් තවාන සහ පැරශුට් තවාන මගින් නිපදවා ගන්නා ලද ගොයම් පැළ සිටුවීමට භාවිත කරන ලදී
එසේම බිම් සැකසීමේ පාඩමට අදාළව, වී වගාව සඳහා යෝග්‍ය ලෙස බිම් සකස් කිරීම, හා භෝග සංස්ථාපනය පාඩම සඳහා ක්‍රමවත්ව ගොයම් පැළ සිටුවීම සිදු කරන ලදී. මෙම ක්‍රියාකාරකම් මගින් දරුවන්ට, කෘෂිකාර්මික ප්‍රායෝගික භාවිතය ලබාදීමට හැකි වීම මා ලද භාග්‍යයකි.
---------------------------------------------
තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ ප්රමුඛ පෙළේ ආයතනයක් වන V S Information Systems (Pvt) Ltd ආයතනයේ මූලිකත්වයෙන් හා MagicBit ආයතනයේ සහෝයෝගීතාවයෙන්, හංවැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ දූ දරුවන් වෙත, තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ නූතන රැකියා අවස්ථා, ඒවාට අවශ්‍ය කරන කුසලතා සංවර්ධනය පිළිබඳව සහ රොබෝ තාක්ෂණය පිළිබඳව වටිනා වැඩසටහනක් පසුගිය සැප්තැම්බර් මස 27 වැනි දින විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පවත්වන ලදි...
එම වැඩසටහන සංවිධානය කරන ලද්දේ විද්‍යුත් ඉගෙනුම් කවයේ දූ දරුවන් විසින් වීම විශේෂයක්.. එම වැඩසටහන අවසානයේ VSIS ආයතනය විසින් පාසල් දරුවන්ගේ ප්‍රයෝජනය සඳහා වටිනා ලැප්ටොප් පරිගණක යන්ත්‍රයක් ද පරිත්‍යාග කෙරුණු අතර එම වැඩසටහනේ ම දිගුවක් ලෙස පසු දිනක, අප දරුවන් වෙත Magicbit රොබෝ කට්ටල පරිත්‍යාගයක් ද සිදු කෙරුණි..
එම පරිත්‍යාගයන්ට අමතරව එම ආයතනයන් අප විද්‍යාලයේ දරුවන් ගේ තාක්ෂණික කුසලතා වැඩිදියුණු කිරීම සහ ඔවුන් රැකියා වෙළඳපොළ වෙත දිශාගත කිරීම සඳහා දිගුකාලීනව සහාය දක්වන බව ද ප්‍රකාශ කර සිටීම අපට ඉමහත් සතුටක්. එම පරිත්‍යාගයන් සහ සහයෝගයන් වෙනුවෙන් VSIS සහ Magicbit යන ආයතනයන් හි අධ්‍යක්ෂකතුමන්ලා ඇතුළු සමස්ථ කාර්යමණ්ඩලය වෙත අපගේ ස්තුතිය මෙහිදී පිරිනමනු ලබනවා...
එමෙන්ම අප විද්‍යාලය වෙනුවෙන් මෙම කාර්යය සඳහා අපට මගපෙන්වීම ලබා දුන් ගරු විදුහල්පතිතුමන්, අපට සහය වූ රෝහණ විජේතුංග නියෝජ්‍ය විදුහල්පතිතුමන් සහ කේ. සුනීතා නියෝජ්‍ය විදුහල්පතිතුමිය සහ ශබ්ද පරිපාලන කටයුතු සඳහා තම සහය නොමසුරුව ලබා දුන් තාක්ෂණ අංශ ප්‍රධාන, සහකාර විදුහල්පති සුපුන් රණසිංහ ගුරුමහතාට ද,
විද්‍යුත් ඉගෙනුම් කවයේ ගුරුභවතුන් වන පියුමිකා විජයවර්ධන, චලනි අබේසිරිවර්ධන සහ ධනංජය ජයරත්න ගුරු මහත්ම මහත්මීන් හටද විද්‍යුත් ඉගෙනුම් කවයේ සභාපති, වගීෂ භානුක පුතණුවන් ඇතුළු විද්‍යුත් ඉගෙනුම් කවයේ සියලුම දරු දැරියන්ටද, එම වැඩසටහන ඡායාරූපකරණය සිදුකරදුන් ඡායාරූප සංගමයේ සභාපති විශ්ව ලක්දෙව් පුතණුවන්ට සහ නන් අයුරින් සහය වූ සැමට ද ස්තුතිය පුදකර සිටීමට මෙය අවස්ථාවක් කර ගන්නවා...
ස්තුතියි !
More