Still in development state !!!! @sanijasathnindu
විද්‍යුත් ඉගෙනුම් කවය
හංවැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය නූතන තාක්ෂණය යොදාගනිමින් වඩාත් ඵලදායී මට්ටමකට ගෙන ඒම වෙනුවෙන් පාසල් තොරතුරු තාක්ෂණ අංශය මූලික කරගනිමින්, පාසැල් පරිපාලනය, ගුරුභවතුන් හා සිසුදරුවන් සම්බන්ධ කර ගනිමින් ක්‍රියාත්මක වන විශේෂ ඒකකයක් ලෙස විද්‍යුත් ඉගෙනුම් ඒකකය හැඳින්විය හැක. මෙම ඒකකය මඟින් ගුරුභවතුන් සහ සිසු දරුවන් වෙත ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සඳහා තාක්ෂණය යොදාගැනීම පිළිබඳ විශේෂ පුහුණු සැසි පැවැත්වීම සිදු කෙරෙන අතර ඒ සඳහා පාසල් ගුරුභවතුන් ම සම්පත් දායකයින් ලෙස යොදා ගැනීම මෙන් ම විශේෂ වැඩසටහන් සඳහා පාසලෙන් පරිබාහිර අදාල විශය ක්ෂේත්රයට සම්බන්ධ ආයතන සහ විශ්වවිද්‍යාල ආදිය සම්බන්ධ කර ගැනීම ද සිදුකරයි. එමෙන්ම ඉගෙනුම් ඉගැන්වීම් මෙන්ම පාසැල් කළමනාකරණ කටයුතු වලදී තාක්ෂණික වශයෙන් සහය වීම ද මෙම ඒකකය මඟින් සිදුකරයි.
මීට අමතරව පාසලේ සිසු දරුදැරියන් සම්බන්ධ කරගත් විද්‍යුත් ඉගෙනුම් කවය (E-Learning Circle) හරහා පාසැල් විෂය නිර්දේශයට සම්බන්ධ සහ ඉන් ඔබ්බට ගිය විශේෂ ව්‍යාපෘති සඳහා ඔවුන් ව යොමු කිරීම සිදුකරයි.
බටහිර තූර්ය වාදක කණ්ඩායම
පාසලේ සෑම උත්සව අවස්ථාවකටම අවශ්‍ය තූර්ය වාදන සහය සපයන කණ්ඩායමක් ලෙස හංවැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලීය බටහිර තූර්ය වාදක ඛණ්ඩය හැඳින්විය හැක.පාසලේ විවිධ සෞන්දර්ය විෂයයන් හදාරන වාදන දක්ෂතා සහිත ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් සපිරි මෙම තූර්ය වාදක කණ්ඩායම කනිෂ්ඨ තූර්ය වාදක කණ්ඩායම හා ජ්‍යෙෂ්ඨ තූර්ය වාදක කණ්ඩායම ලෙස කොටස් දෙකකින් සමන්විත වේ.ශිෂ්‍ය ශිෂ්‍යාවන් 49 දෙනෙකුගෙන් සමන්විත කනිෂ්ඨ තූර්ය වාදක ඛණ්ඩය හා ශිෂ්‍ය ශිෂ්‍යාවන් 31 දෙනෙකුගෙන් සමන්විත ජ්‍යෙෂ්ඨ තූර්ය වාදක ඛණ්ඩය භාරව කටයුතු කරනුයේ පාසලේ බටහිර සංගීත ආවාරිනී අරුණි රණවක ගුරු මහත්මියයි.
විශ්‍රාමික නාවික හමුදා තූර්ය වාදන කණ්ඩායම් සාමාජික බුද්ධික ද සිල්වා මහතා මෙම තූර්ය වාදක ඛණ්ඩයේ පුහුණුකරු ලෙස ක්‍රියා කරයි.
මෙමගින් තූර්ය වාදන කටයුතුවලට අමතරව තූර්ය වාදක කණ්ඩය භාර අරුණි රණවක ගුරු මහත්මියගේ මෙහෙයවීමෙන් පුද්ගල කුසලතා දියුණු කිරීමේ ව්‍යාපෘති දේ පැවැත්වේ.
පුහුණුවීම් කටයුතු සෑම සිකුරාදා දිනකම පාසල අවසන්වීමෙන් පසු පැවැත්වේ.